මතක අකුණු
______++++++🌩️
මතක අකුණක් ගැසුවේ
නොහිතුනු තත්පරයක ය
කලක සිට විඩාබර වූ ඇහි වළාකුළු
කඳුළු වර්ෂා හෙළන්නට විය
හදිසියේ තෙමෙන්නට වූ ආත්මය
දැන් ඔබට බාරය
ඔබ නම් මම ය මම නම් ඔබ ය
සුහද,
"කුඩ" ඉහළිය යුත්තේ
මහත් වූ කල්පනාවෙනි
ඒවා සිනිඳු ම මතක රෙද්දෙන්
මහපුවා විය යුතුය
#යසා
Comments
Post a Comment